අනාගතයේ නොබැඳී අනාගතය සැලසුම් කරන්න



බලාපොරොත්තු ඇති කරගන්න, බලා පොරොත්තු ඉටු කරගන්න අනාගතය සංවිධානය කරන්න නමුත් කිසි විටෙක එම බලාපොරොත්තු 100% ඉටු වේවීයි, ඉටු වෙන්න ඕ‍නෑමයි කියලා හිතට තද අදහසක් දාගන්න එපා. මොකද බලාපොරොත්තු ඉටු වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, නමුත් බලාපොරොත්තුවක් ඉටු නොවූවා කියලා ඔබේ ජීවිතය නවතින්න අවශ්‍යය නැහැ, ඔබ නැති වූ දේ හිතින් අතෑරලා අලු අතරින් නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ඉදිරියට යා යුතුයි. වැරදුනු තැනක් වැරදුනු දෙයක් අල්ලාගෙන ඒක ගැන හිත හිත දුකින් තැවෙමින් කාලය ගත කලොත් ඔබට එතනින් එහා ජිවිතයක් වත් අඩුම තරමින් හිතේ සැනසීමක් වත් නැහැ. මිනිස්සු හැම දේම කරන්නෙ සතුටින් ඉන්න ඒක තමයි ප්‍රධාන ඉලක්කය. දෙවනුව තමයි අනිත් දේවල්. නමුත් මිනිස්සු දෙවනි ඉලක්ක ගැන හිතන්න ගිහින් සතුට කියන ප්‍රධාන ඉලක්කය සම්පූර්ණයෙන්ම මඟහැරගන්නවා.

පාසල් විභාගයක් අසමත් උනාම වර්ශයකට දිවි නසාගන්න පිරිස කොපමණද? මානසිකව රෝගී වෙලා ප්‍රථීකාර ලබන පිරිස කොපමණද? ඒ හැම කෙනෙක්ම තදින් හිතට අදහසක් දාගෙන තමන් අනිවාර්යෙන්ම විභාගය සමත් වී තිබියයුතුමයි කියලා. මම අසමත් උනොත් මේ ජීවිතයෙනුත් වැඩක් නැහැ කියලා. ඇත්තටම ඒ දිවිනසාගැනීමට හෝ රෝගී වීමට හේතුව විභාගය අසමත් වීම නෙමෙයි. මොකද තවත් ළමයි විභාග අසමත් වෙලා හොඳින් ඉන්නවා. ඒකට එකම හේතුව තමන්ගේ හිතට තදින්  දාගත්තු වැරදි මෝඩ අදහසම පමණයි.

හිතන්නකො මිනිස්සු කොච්චර මෝඩද? තමන් කරන දේ එක වරම හරි යා යුතුයි කියලා හිතුවා නම් මේ ලෝකෙ විද්‍යාඥයො ඔක්කොම මානසික රෝහල් වල ඉන්න ඕනෙ. මෙතෙක් සොයාගත්තු බල්බ් එක, රූපවාහිනිය, දුරකථනය අද නැති වෙන්න තිබුණා. ඒ මිනිස්සු එක වරක් දෙවරක් නෙමෙයි ජිවිතය සිය දහස් වතාවක් උත්සාහ දරන්න ඇති. බෞද්ධයන් විදිහට බුදුන් වහන්සේ ම උදාහරණයට ගන්න පුලුවන් සාරාඅසංකෛයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බෝසතානන් වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් කීවරක් ජිවිතය පූජා කරන්න ඇද්ද? කීවරක් බුදු වෙන්න උත්සහ කරන්න ඇතිද? කොයි තරම් ධර්මය ප්‍රගුණ කරන්න ඇද්ද? කොයි තරම් පාරමිතා පුරන්න ඇතිද?

ඔබ? එකම එක වැරදීමකින් ඒ වැරදිම අල්ලගෙන තැවි තැවී ජිවත් වෙනවා. අනාගතය සංවිධානය කිරිම ඉතාමත් වැදගත්. අනාගතය සැලසුම් කිරීම ඉතාමත් වැදගත්. නමුත් කිසි විටෙක අපි හිතන දේවල් ඒ විදිහටම වේවි කියලා හිතන්න එපා. එහෙම කියලා ඒ හීන වලට දැඩිව බැඳෙන්න එපා. එක් මොහොතක් හොඳටම ඇති මුලු සැලසුමම වෙනස් වෙන්න. ඒ දේ නිතරම හිතේ දරාගන්න.

නිරතුරුවම මතක තියාගන්න ඔබ යන ගමන හරි නම් ඔබට නිසැකවම බාධා එනවා, නිසැකවම කරදර එනවා, ජිවිතයේ නිසැකවම ඔබට ඊර්ෂ්‍යා කරන මිනිස්සු වෛර කරන මිනිස්සු හිංසා කරන මිනිස්සු ඉන්නවා. අපි ඒ මිනිස්සුන්ට පිළිතුරු දෙන්න හෝ ඒ මිනිස්සුන්ට නැවත පහර දෙන්න හිතුවොත් ප්‍රමාද වෙන්නෙ ඔබේ ගමනමයි. අර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ''පාරේ යනකොට බුරන බුරන හැම බල්ලාටම ගල් ගහන්න ගියාම පරක්කු වෙන්නේ ඔබේ ගමනයි'' කියලා.

මතක තියාගන්න
ෆීනික්ස් කුරුල්ලා! 

No comments:

Post a Comment