දැවෙන මොහොතක නිවී සැනසෙමු

ඔබ දවසේ කොපමණ කාලයක් කිසිදු වැඩකට නැති දේවල් ගැන හිතන්න ගත කරනවද? හිතන්න ඔබ බස් එකේ කෝච්චියෙ යන වෙලාවෙ, ඔබ රාජකාරී කරන ස්ථානයේ වැඩක් නැති වෙලාවට ඔබ කරන්නෙ මොනවද? හොඳට හිතලා බැලුවොත් ඔබ එක්ක‍ෝ ගෙදර ප්‍රශ්ණයක්, කාර්යාලයේ ප්‍රශ්ණයක්, කා ගැන හරි දැනගත්තු ඕපාදූපයක් ගැන හිතමින් ඒ කාලය කිසිවෙකුට ප්‍රථිඵලයක් නැති විදිහට නාස්ති කරලා දානවා. මම ඔබට කියනවා ඒ කාලය එසේ අත්හරින්න එපා මොකද ඔබ ජීවත් වෙන්නේ බොහොම සුළු කාලයයි හිතන්න දවසට පැය දෙක තුනක් ගානෙ ඔහොම මඟ තොටට ගත කරන කාලය අපතේ යැවුවම ඔබේ ජීවිතයේ තේරුමක් ඇතිද? අපි ඒ කාලය අපිටම ප්‍රයෝජනවත් කාලයක් කරගමු!



අපි හිතමු අපි ඉන්නෙ බස් රථයේ කියලා,
(ඉඳගන්න අසුනක් නැතුව නම් මේ වැඩේ අමාරුයි)

ඇස් පියාගන්න අවශ්‍යය නැහැ.
ඇස් ඇරගෙන සිහිය පවත්වාගැනීමයි අභියෝගය

මදකට තමන්ගේ ස්වසනය ගැන සිහියට ගන්න
හුස්ම ඉහල පහල යන හැටි, නාස් පුඩු අතර ගැටෙන හැටි
පෙනහළු වාතයෙන් පිරෙන හැටි මද වේලාවක් මෙනෙහි කරන්න

හිතන්න,
මම වෛර නැත්තෙක් වෙමි
මම තරහා නැත්තෙක් වෙමි
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙමි
දුක් පීඩා නැත්තෙක් වෙමි
සුව සේ ජිවත් වෙමි

මේ බස් රථයේ සිටින සියලුම දෙනා
වෛර නැත්තන් වේවා
තරහා නැත්තන් වේවා
ඊර්ෂ්‍යා නැත්තන් වේවා
දුක් පීඩා නැත්තන් වේවා
සුව සේ ජිවත් වේවා

මේ මාර්ගයේ ගමන් කරන සියළුම අය
වෛර නැත්තන් වේවා
තරහා නැත්තන් වේවා
ඊර්ෂ්‍යා නැත්තන් වේවා
දුක් පීඩා නැත්තන් වේවා
සුව සේ ජිවත් වේවා

මේ පළාතේ සිටින සියලුම අය
වෛර නැත්තන් වේවා
තරහා නැත්තන් වේවා
ඊර්ෂ්‍යා නැත්තන් වේවා
දුක් පීඩා නැත්තන් වේවා
සුව සේ ජිවත් වේවා

මේ රටේ සිටින සියලුම අය
වෛර නැත්තන් වේවා
තරහා නැත්තන් වේවා
ඊර්ෂ්‍යා නැත්තන් වේවා
දුක් පීඩා නැත්තන් වේවා
සුව සේ ජිවත් වේවා

මේ ලෝකයේ සිටින සියලුම අය
වෛර නැත්තන් වේවා
තරහා නැත්තන් වේවා
ඊර්ෂ්‍යා නැත්තන් වේවා
දුක් පීඩා නැත්තන් වේවා
සුව සේ ජිවත් වේවා

ආයෙත් හුස්ම දෙසට අවධානය යොමු කරන්න
හුස්ම වැටෙන හැටි අවධානයෙන් දකින්න

බලන්න ඔබ බස් රථයේ වෙනදට ඉන්න අයගෙ මුහුණු බල බල, ඉන්න අය ඇඳගෙන ඉන්න දේවල් බල බල ඒවා ගැන වෛරයෙන් හිටියා, අනිත් අයගෙ වැරදි ගැන හිත හිත හිටියා, ඒත් අද? ඔබේ හිත කොච්චර නිවීමකින්ද බලන්න තියෙන්නෙ. උදෑසනක් මෙහෙම පටන්ගන්නකොට දවස මොනතරම් සාමකාමීද?

මිනිස්සු ලස්සන වෙන්න මොන තරම් දේවල් කරනවද? ඒත් භාහිර ආලේප වලින් නෙමෙයි තමන්ගේ ලස්සන තරුණ බව රැකෙන්නෙ තමන්ගේ හිතේ තියෙන සිතුවිලි වලට සාපේක්ෂවයි. එසේ නම් මින් ඉදිරියට අලේප ගල්වනවා වෙනුවට ලස්සන වෙන්න මේක කරලා බලන්න.

No comments:

Post a Comment