ඔබ ඔබේ හිතට මුරකාරයෙක් වෙන්න



පළමු පුහුණු අදියර පුහුණු කරපු ඔබට දැන් ඔබේ හිතට මොනවා හරි සිතිවිල්ලක් එනකොට දැනෙනවා. අතීතය මතක් වෙනකොට, අනාගතය සිහි වෙනකොට, තරහක් එනකොට, ඉරිසියාවක් එනකොට, මොකක් හරි දෙයක් ගැන ආසාවක් එනකොට, කුමක් හෝ දෙයක් ගැන අප්‍රියත්වයක් දැනෙනකොට ඔබට හොඳට පැහැදිලිව පේනවා 'මෙයයි දැන් හිතට ආපු දේ' කියලා.

ගෙදරක මුරකාරයෙක් මොනවාද කරන්නෙ? මා ඔබෙන් අහන ප්‍රශ්ණය මුරකාරයෙක් ගෙදරට එන හැමෝම ඇතුලට ගන්නවාද? මුරකාරයා බලනවා එන මිනිහගෙ ස්වරූපය, බලලා හිතනවා මු නම් ගෙට ගන්න හොඳ එකෙක් නෙමෙයි. මේ මනුස්සයා නම් වැදගත් පාටයි මෙයා නම් නරක කෙනෙක් මෙයා නම් හොඳ කෙනෙක් කියලා. අන්න ඒකමයි ඔබත් කරන්න ඕනෙ. දැන් ඔබට හිතට ඇතුලු වෙන දොර පැහැදිලිව පේනවා, දොර ළඟට කවුරු හරි එනකොටම බලන්න ‍ස්වරූපය තීරණය කරන්න ඇතුලට ගන්නවාද නැද්ද කියලා.

හිතට තරහක්, ඉරිසියාවක් වගේ නරක සිතුවිල්ලක් හිතට එනකොට ඔබට හොඳට පැහැදිලිව පේනවා දැන් මේ එන්නේ නරක දෙයක් කියලා. දැන් ඔබ අන්න ඒ සිතිවිල්ලට එන්න නොදී දොර වහන්න. මෙන්න මේක දෙවන පුහුණු අදියර ලෙස පුහුණු කරන්න.

ඔබ අහවි කොච්චර කාලයක් මේක පුහුණු කරන්න ඕනෑද කියලා, සමහරවිට දවසක් ප්‍රමාණවත් වෙයි සමහරවිට සතියක් ‍යාවි. කොපමණ උනත් ඔබට හිතට එන නරක සිතුවිලි අඳුරගෙන දොර වහලා දාන්න හැකියාව එනතුරු පුරුදු කරන්න.

හිතට එන තරහක් එන බව දැනගෙන ඒ තරහා දිහා හොඳට බලන්න වහාම ඒ සිතුවිල්ල ඔබටත් අනිත් අයටත් හානි කරන බව දැනගෙන ඒ සිතුවිල්ල බැහැර කරන්න.

(මේ විදිහට හිතට එන සිතුවිලි තෝර බේරාගැනීමට නම් පළමුව පෙර ලිපියට අනුව මේ මොහොතට සිහිය පවත්වාගැනීම අනිවාර්යයි. එසේ නැතිව දෙවන පියවරට යන්න අපහසුයි)

පළමුව ඔබ දැනගත්තා හිතට එන දේ ගැන අවධානයෙන් ඉන්න, ඉන් පස්සෙ ඒ එන සිතිවිලි හොඳද නරකද කියලා වර්ග කරගන්න, ඊටත් පස්සේ ඒ හොඳ දේවල් පමණක් ඇතුලට අරගෙන නරක අනවශ්‍යය, ඔබටත් අනිත් අයටත් හානි කරන සුළු සිතුවිලි ඇතුලට නොගෙන ඉන්න. දැන් ඔබට දැනේවී ඔබේ හිත දීර්ග කාලයකට පසු නින්දකින් අවදීවූවාක් මෙන් ප්‍රබෝධමත් හැඟීමක්. වචනයෙන් විස්තර කළ නොහැකි ශාන්තිමත් හැඟීමක් ඔබට දැනේවී.

නිවීමට පාර දැන් ටික ටික පැහැදිලියි
වීර්යයෙන් ඉදිරියට යමු... 

No comments:

Post a Comment