ඔබත් වසලයෙක්ද කියලා බලන්න

වසලයෙක් වෙන්නෙ කොහොමද? ඔබත් වසලයෙක්ද? ඔබට පුලුවන් හරියටම දැනගන්න. වසලයෙක් යනු කවුද කියලා බුදුන් වහන්සේ කරපු දේශනාවක් ඇසුරෙන් තමයි මේ දක්වලා තියෙන්නෙ.

සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින එක් දිනක බුදුන් වහන්සේ පිණ්ඩපාත වඩිනවා සැවැත් නුවරට. එතකොට අග්ගිකභෘරද්වාජ කියන භ්‍රාහ්මනයා ගිනි පුජාවක් කරමින් ඉන්නවා. දුර ඉඳලම බුදුන් වහන්සේ වඩිනවා දකිනවා. භ්‍රාහ්මණයා කියනවා "එම්බා හිස මුඩු කළ තැනැත්ත, එම්බා ශ්‍රමණය, එම්බා වසලය ඔතැනම සිටිනු" කියලා. එතකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නෙ වසලයෙක් වෙන්නෙ කොහොමද කියලා. බලන්නකො ඔබත් වසලයෙක්ද කියලා.
  1. නිතරම කිපෙන සුළු බව.
  2. යමෙක් හෝ යමක් සමඟ බද්ධ වෛරයෙන් යුක්තවීම. 
  3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.
  4. මිසදිටු අදහස් ඇතිවීම.
  5. අනුන් රවටන ස්වභාවය.
  6. සතුම් මැරීම හා සත්ත්ව හිංසාව.
  7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.
  8. අනුන් සතු දෙය සොරකම් කිරීම.
  9. ණය ගෙන ණය හිමියා රැවටීම.
  10. මංකොල්ලකෑම.
  11. බොරු සාක්ෂ්‍ය දීම
  12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් බලහත්කාරයෙන්
    හෝ කැමැත්තෙන් අනාචාරයෙහි හැසිරීම
  13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට
    සංග්‍රහ නොකර අකෘතඥවීම.
  14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ
    නැදිමයිලනට හිංසා පීඩා කිරීම හා පරොස් බස් බිණීම.
  15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන
    උපදෙස් වලින් අනුන් නොමඟ යැවීම.
  16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.
  17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට
    තම නිවසට පැමිණි විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.
  18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.
  19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි ස්වාමීන් වහන්සේ කෙනෙකුට
    පරුෂ වචනයෙන් කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.
  20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.
  21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.
  22. රළු ගති පැවතුම් ඇති බව
  23. තද මසුරු සිත් ඇති බව
  24. තමාටත් අන් අයටත් හානි වන අදහස් ඇති බව.
  25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය
  26. අන් අය රැවටීමේ කෛරාටික බව
  27. පව් කිරීමට ලජ්ජා නැතිකම.
  28. පව් කිරීමට බිය නැතිකම.
  29. බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කිරීම.
  30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.
  31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .
  32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කිරීම.

No comments:

Post a Comment